Sunday, September 22, 2024

යාපනයේ ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා

යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 28 කට සංචරණ සීමා පනවා තිබේ.

දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කළේ, ඊයේ (12) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංචරණ සීමා පනවා ඇති බවය.

යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස තහවුරු වීම හේතුවෙන් අදාළ සංචරණ සීමා පනවා තිබේ.

උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 30 න් 28කට සංචරණ සීමා පනවා ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කළේය.

මීට අමතරව වව්නියාව, පුදියසාලම්බකුලම ප්‍රදේශයට ද සංචරණ සීමා පනවා තිබේ.

මවක් සහ දරුවන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊයේ දිනය තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 32ක හඳුනාගැනුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles