යාපනයේ ගැටුම වැරදියට භාවිත කරනවාලු-ආචාර්ය නිර්මාල් රංජිත්

0
458

යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය හිටපු ජනාධිපතිවරයාගේ සහ විමල් වීරවංශ මහතාගේ දේශපාලනය සඳහා ජනතාව ආකර්ෂණය කර ගැනීමට යොදා ගැනීමට උත්සාහ කරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් නොබලන ලෙසත්, එසේ බලා ඉදිරි කටයුතු කිරීමට ගියහොත් මෙම සිද්ධිය නරක තැනකට තල්ලු වන බවත් අද (18දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

උතුරේ සහ දකුණේ සිටිනා ජාතිවාදී කණ්ඩායම මෙම ගැටුම ජාතිවාදී ගැටුමක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළහොත් එය බරපතළ කාරණයක් බවද පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here