යාපනයේ තරුණයන් දෙදෙනකු පොලිස් වෙඩි පහරින් පසුව වූ අනතුරින් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ද ස්වාධීන පරීක්ෂණයක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ ද කීය.
තරුණයන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. තොරතුරු ලැබුණු වහා අප අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. මෙම පරීක්ෂණ විනිවිද භාවයකින් යුක්තව සිදුකරන බවට සහතික කරනවා. අධිකරණමය ක්‍රියාමාර්ගත් ගනිමින් සිටිනවා. ඊට අමතරව රජය මගින්ද ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙවන් සිදුවීම් යළි ඇති නොවන්නට රජයක් ලෙස අපි කටයුතු කරනවා.