යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ සංවර්ධන ව්‍යාපෘතින් නියමිත ප්‍රමිතියට හා නීත්‍යානුකූලව තිබිය යුතු බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් යාපනය දිසාපති ඇතුළු අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමෘද්ධි නිලධාරීන්ද සමග පසුගිය දෙවෙනි දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.