Monday, September 23, 2024

යාපනය ගැටුම නිවන්න ක්‍රියා කල අයට අගමැතිගෙන් තුති..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ, යාපනය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ඇති වූ ප්‍රශ්නය විසදීමට සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කළ බවත් ඒ පිළිබඳව සියලු දෙනාට ස්තුතිය පුද කරන බවත්ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ , පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටළුව පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අඳහස් පළකරමින්ය.

ඔහු දැක්වූ අදහස් පහතින් ඇත:

“මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ වාර්තා ලබුණාම ඊළඟ පියවර සකච්ඡා කළ හැකියි. සෙනසුරාදා මේ සිද්ධිය ඇති වූ විගස මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මට කතා කළා. උසස් අධ්‍යාපන ඇමැතිතුමාත්, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යතුමාත් කතා කළා. මේ ප්‍රශ්නය විසඳීමට උත්සහ ගත් සියලු දෙනාටම ස්තූති කරන්න අවශ්‍යයයි. බෝහෝ අය මේ සම්බන්ධයෙන් සාමයක් ඇති කරන්න කියා ඉල්ලීම් කළා. මේ රටේ කවුරුත් ජාතිවාදයේ යෙදුණේ නෑ. කණ්ඩායම් සියල්ලම ඉතා වගකීමකින් ක්‍රියා කළා”.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles