යාපනය ගැටුම සැබෑ සංහිඳියාවට බාධාවක්- TNA

0
354

යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත් දා ඇති වූ ගැටුම රටේ සැබෑ සංහිඳියාවට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිසුන් අතර ඇති වූ එම ගැටුම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගන්නා ලෙස සියලුම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවද දෙමළ සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ඉදිරියේදී මෙවැනි  මත ගැටුම් සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත්, අධ්‍යාපන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් එම සිසුන්ගෙන් ඉල්ලා සිටින බවද දෙමළ ජාතික සන්ධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here