යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කළ අතර යාපනය විශ්ව විද්‍යාලයේ රසායනාගරයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝනා ආසාදිතයින් වශයෙන් තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් යාපනය බන්ධනාගාරය තුළ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත.
යාපනය බන්ධනාගාරයේ මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග රැඳවියන් බැලීමට ආ පුද්ගලයින් ඇතුළු බන්ධනාගාරයේ කොිඩ් පොකුරක් සෑදීමේ අවධානමක් පවතින බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.