යාපනය සරසවියේ වව්නියා, කිලිනොච්චි පීඨ අද ආරම්භ වේ..

0
581

ඊයේයාපනය විශ්වවිද්‍යාල බලධාරීන් සහ රජයේ නියෝජිත පිරිසක් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව හා කිලිනොච්චි පීඨ අද ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම විශ්වවිද්‍යාලයේ යාපනයේ පීඨ, ලබන 22වනදා ආරම්භ කෙරෙණු ඇති. පසුගිය සිකුරාදා විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් තිවුණා. මේ නිසා, පසුගිය ඉරිදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කෙරුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, එළඹෙන 25 වනදා සිට විශ්වවිද්‍යාලයේ සියළු කටයුතු යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි. කෙසේ නමුත්, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ, විශ්වවිද්‍යාලය විවෘත කළද තමන්ට එරෙහිව පවතින තර්ජන පහව ගොස් නොමැති බවයි. සමස්ත දෙමළ සිසුන්ගෙන් නොව, ගැටුමට මැදිහත්වූ සිසුන්ගෙන් පමණක් මෙම තර්ජනය එල්ල වන බව එම සිසුවා පවසලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here