යාපනේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසකට STF වෙඩි පහර – එක් අයෙක් රෝහල් ගත කරයි

0
284

යාපනයේ තෙන්මරච්චි වරණී ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීට අවම බලය යොදා වෙඩි තැබීමට සිදුවීම හේතුවෙන් ඊයේ 7 දා රාත්‍රී එක් සැකකරුවකු තුවාල ලබා තිබේ.

තුවාලකරු චාවාකච්චේරී රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකුව අත් අඩංගුවට ගෙන චාවකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ඇප මත චාවකච්චේරි මහේස්ත්‍රාත් එස්. ඉලංගෝවන් විසින් මුදා හරින ලදි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාද තවත් අයෙකුද මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධිය මත අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ වරණී ප්‍රදේශයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය අලෙවි කරණ බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් මත එම නිවස වැටලූ අවස්ථාවේදී නිලධාරීන්ට මුගුරු වලින් පහර දී සැකකරුවන් පලායාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here