Thursday, September 19, 2024

යුක්රේන සංචාරකයන් 05ක් කොරෝනා ආසාදිත වීම සුළු දෙයක්.. ලංකාවේ දිනකට ආසාදිතයන් 500ට වඩා හමුවෙනවා..

යුක්රේනය සිට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් කොරෝනා ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ 1% ක් බවත් එනම් 99%ක් සාමාන්‍ය සංචාරකයන් බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

මෙම නියමු සංචාරක ව්‍යාපෘතිය සූදානම් කරද්දීම 5%-8% අතර ආසාදිත ප්‍රමාණයක් රඳවා ගැනීමට සූදානම් වු බවද ඒ මහතා පවසයි.

ලංකාව තුල දිනකට අසාදිතයන් පන්සියයක් පමණ සොයා ගන්නා තත්වයකදී යුක්‍රේන ජාතිකයන් පස් දෙනෙකු ආසාදනය වීම සුළු දෙයක් බව ද ඔහු පෙන්වාදෙයි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු තබා ඇති සටහන මෙසේය.

මාස 9 ක් සංචාරකයන්ට ගුවන් තොටුපොල වැසීමට සිදුවීමෙන් ඇති වූ භීතිකාව බිද දමමින්, පළමු සංචාරක කණ්ඩායම 28 දින SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු සහ දෙවන කණ්ඩායම 29 දින Ukraine Airlines ගුවන් යානාවෙන් 213 රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළගා විය.

එම මගීන් 394 අතරින් කොරෝනා වයිරසය ආසාදිතව 5 දෙනෙක් සිටින බව PSR පරීක්ෂණ පෙන්නුම් කර ඇත. නමුත්, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සුදානම් කරන ලද හෝටල් තුලම 5% – 8% අතර ආසාදිතයන් ප්‍රමාණයක් රදවාගෙන සිටීමට අප සුදානම් වී සිටියේ. එසේ නමුත් මෙහිදී 1% ආසාදිතයන් ලෙස පෙන්නුම් කිරීම යනු 99% සාමාන්‍ය සංචාරකයන් බව සනාථ වීමයි.

අද අප රටේ දිනකට 500 ආසාදිතයන් සොයාගන්නා කාලයක යුක්රේනියානුවන් 5 දෙනෙක් යනු ජෙප්පන් ට මෙන්ම හිටං හුටං ට කරන සරදමකි.

එදා තානාපති ලෙස 2006 සිට මා කල කැපකිරීම් මත ගොඩනැඟුණු විශ්වාස මත යුක්රේනියානුවන්ගේ පැමිණීම සිදුවන බව, මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දොඩවන අය නොදන්නවා වුවද, සංචාරක කර්මාන්තයේ නියැලුණු පුද්ගලයන්ට ඒ ගැන හොද වැටහීමක් ඇත.

මෙම වැඩසටහනට එළිපිට අකුල් හෙලන අයට ද යහපාලන යමපල්ලන්ට ද මා, අභියෝග කරමින් 2021 ජනවාරි 02 සිට තවත් ගුවන්යානා 10 ක් මත්තලට රැගෙන ඒමට සැළසුම් කර හමාරය. එයින් සංචාරක හෝටල්වල රැකියා කළ ලක්ෂ ගණනක් වන සේවක සේවිකාවන් පමණක් නොව සංචාරකයන්ට විවිධ දෑ අලෙවි කරන ජංගම වෙළෙන්දා දක්වා මෙම ක්‍රියාවලිය තුළ යළි ජීවය ලබයි. රටක් ලෙස යුක්‍රේනය ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විශ්වාසෙයන් සහ සහෝදරත්වයෙන් තබන මෙම පියවර දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම තව දුරටත් ශක්තිමත් කරන්නකි.

රටම ෆේල් කියමින් අපිව ගැරහුම් කරද්දී, මගේ සංකල්පය ගැන විශ්වාසය තැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙන්ම SkyUp, Ukraine Airlines, TPG Tours, Kompass Tour, JoinUp ආයතනය මෙන්ම අපේ රටට පැමිණි සියලු යුක්රේනියානුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles