Sunday, September 22, 2024

යුක්රේනයට අඛණ්ඩව නේටෝ සහාය

යුක්රේනයට අඛණ්ඩව නේටෝ සහය.
රුසියානු ආක්‍රමණය හමුවේ නාමිකව පමණක් යුක්රේනයට සහාය දක්වන බවට චෝදනා ලැබූ බටහිර රටවල් රැසක් ඇතිව තිබන තත්වය හමුවේ මේ වන විට යුක්රේනයට මිලිටරි උපකරණ සැපයීම වේගවත් කිරීමට පියවර ගන තිබෙනවා. රුසියානු ආක්‍රමණිකයන්ට යුක්රේන හමුදා දැඩි ප්‍රතිචාර දැක්වීමත් සමඟ රුසියානුවන්ට ආක්‍රමණය වෙනුවෙන් උපරිම මිලක් ගෙවීම සහතික කිරීම නැතහොත් උපරිම හානියක් කිරීම බටහිර රටවල අරමුණ වී තිබෙනවා.
ඒ අනුව යමින් ජර්මනිය විසින් ඊයේ යුධටැංකි නාශක අවි 1000 ක් සහ ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 500 ක් යුක්රේනයට ලබා දීමට කටයුතු කලා. ගැටුම් පවතින කලාප වලට ආයුධ අපනයනය නොකරන බවට දිගුකාලයක් තිස්සේ ජර්මනියේ පැවති නීතියක්ද ඉවත් කරමින් මෙම අවි සැපයීමට ජර්මනිය තීරණය කිරීම සුවිශේෂි තත්වයක් විය.

පසුගිය සෙනසුරාදා බෙල්ජියමද නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන හමුදාවට මැෂින් තුවක්කු 2000 ක් සහ ඉන්ධන ටොන් 3800 ලබා දෙන බව සටහන් කරා. ඊට අමතරව නෙදර්ලන්ත රජයද ප්‍රකාශ කලේ තමන් ස්නයිපර් රයිපල් සහ හමුදා හිස්වැසුම් ලබාදී ඇති බවත් ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 200 ක් හැකි ඉක්මනින් යුක්රේනයට ලබා දෙන බවයි.

මේ අතර චෙක් ජනරජය පිස්තෝල 30,000 ක්, ප්‍රහාරක රයිෆල් 7,000 ක්, මැෂින් තුවක්කු 3,000 ක්, ස්නයිපර් තුවක්කු දුසිම් කිහිපයක් සහ කාට්රිජ් මිලියනයක් පමණ ලබා දී ඇති බව සඳහන් කරනවා. තවද රුසියාවේ “ම්ලේච්ඡ සහ ප්‍රකෝපකාරී ප්‍රහාරයට” එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය ද යුක්රේනයට ඩොලර් මිලියන 350 ක අතිරේක හමුදා උපකරණ ලබා දෙන බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සෙනසුරාදා නිවේදනය කළා.බ්‍රිතාන්‍ය රජයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුක්‍රේනයට මාරාන්තික ආරක්ෂක අවි ඇතුළු අතිරේක හමුදා සහාය ලබාදීමට තමන් සූදානම් බවයි. මේ අතර ග්‍රීසියද යුක්රේන රජය මගින් කරන ලද ඉල්ලීමකට අනුව C 130 හමුදා ගුවන් යානා දෙකක් මගින් පෝලන්තය හරහා යුක්රේනයට හමුදා සැපයුම් ලබාදීමට එකඟ වී තිබෙනවා. පෘතුගාලයද යුක්රේනයට හමුදා සැපයුම් ලබා දීමට නියමිත බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරා. ඔවුන් පතුරම්, හමුදා හිස්වැසුම්, නයිට් විශන් කණ්නාඩි සහ අත්බෝම්බ ලබා දෙන බව ප්‍රකාශ කළේය.

ප්‍රංශය යුක්රේනය සමඟ ඇතිකරගත් එකඟතාවයන්ට අනුව යුක්රේන හමුදාවට අවශ්‍ය සැපයුම් ලබා දීමට තීරණය කල බවයි ප්‍රංශයේ හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අන්දමට ඇමරිකාව සහ බටහිර රටවල් රාශ්‍රියක් යුක්රේනය සමඟ සිට ගනිමින් රුසියානු ආක්‍රමණයට එරෙහිව ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙමින් පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles