Wednesday, September 25, 2024

යුක්රේනයට රටවල් රැසකින් යුද ආධාර ලැබෙයි

යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් උත්සන්න වන හෙයින්, ලොව පුරා රටවල් කිහිපයක් ‘කියෙව්’ වෙත හමුදා ආධාර යවමින් සිටිනවා.

විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධයේ දී මධ්‍යස්ථ නො බැඳි පිළිවෙතක් අනුගමනය කරන ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්, යුක්රේනයට හමුදා ආධාර යැවීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට ම මේ දක්වා ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 350කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විශ්වාස කරන පරිදි අවම වශයෙන් පුද්ගලයින් 368,000ක් පමණ යුක්රේන වැසියන්, අසල්වැසි රටවලට, පලා ගොස් තිබෙනවා.

ඉන් බොහෝ පිරිසක් පලා ගොස් ඇත්තේ, පෝලන්තයට යි.

යුක්රේනයට යුධමය ආධාර වශයෙන් පහත සඳහන් රටවල් සිය අනුග්‍රහය දක්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය

පෙබරවාරි 25 වැනි දින, ජනාධිපති ජෝ බයිඩන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ. එක්සත් ජනපද තොගවලින් යුක්රේනයට අමතර ඩොලර් මිලියන 350ක් වටිනා ආයුධ ලබා දෙන ලෙසයි.

එක්සත් රාජධානිය

ජනවාරි මාසයේ දී එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ, එක්සත් රාජධානිය විසින් යුක්රේනයට සැහැල්ලු සන්නාහ විරෝධී ආරක්ෂක අවි පද්ධති සැපයීමට තීරණය කරනු ලැබ ඇති බව යි.

ප්‍රංශය

දැනටමත් ආධාර යවා ඇති ප්‍රංශය, තවත් හමුදා උපකරණ මෙන්ම ඉන්ධන ද යවමින් සිටිනවා.

නෙදර්ලන්තය

නෙදර්ලන්තය යුක්රේනයට ගුවන් ආරක්ෂක රොකට් සහ ටැංකි නාශක පද්ධති සපයනු ඇති බව නෙදර්ලන්තය සෙනසුරා දා පාර්ලිමේන්තුවට ලිපියක් යවමින් පවසා සිටියා.

එසේම, ස්ටිංගර් ගුවන් ආරක්ෂක රොකට් 200ක් සහ රොකට් 400ක් සහිත ‘පැන්සර්ෆවුස්ට් 3’ ටැංකි නාශක අවි 50ක් කඩිනමින් නැව්ගත කරන ලෙස යුක්රේන ඉල්ලීමකට නෙදර්ලන්ත රජය එකඟ වූ බවත් එම ලිපියේ සඳහන්.

ජර්මනිය

රුසියාවට එරෙහි ව ආරක්ෂාව සඳහා ජර්මනිය යුක්රේනයට ටැංකි නාශක අවි 1,000ක් සහ මිසයිල 500ක් සැපයීමට තීරණය කර තිබෙනවා.

කැනඩාව

කැනඩාව විසින් යුක්රේනයට මාරාන්තික යුධ අවි තොගයක් හා කැනේඩියානු ඩොලර් බිලියන භාගයක් ණයට දීමට ද තීරණය කර ඇති බව යි වාර්තා වන්නේ.

ස්වීඩනය

ස්වීඩනය විසින් යුක්රේනයට ටැංකි නාශක රොකට් 5,000ක් සහ ශරීර සන්නාහ යැවීමට තීරණය කර ඇත්තේ, එරට මෙතෙක් පැවති මධ්‍යස්ථ ස්ථාවරය බිඳ දමමින්.

1939 දී සෝවියට් සංගමය, අසල්වැසි ෆින්ලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය සන්නද්ධ ගැටුම් පවතින රටකට ආයුධ එවූ පළමු අවස්ථාව මෙය යි.

බෙල්ජියම

ස්වයංක්‍රීය රයිෆල් 3000ක් ටැංකි නාශක අවි 200ක් මෙන්ම ඉන්ධන ටොන් 3800ක් බෙල්ජියම විසින් යුක්රේනයට සපයනු ලැබ තිබෙනවා.

පෘතුගාලය

පෘතුගාලය යුක්රේනයට රාත්‍රී දර්ශන ඇස් කණ්ණාඩි, වෙඩි නො වදින කබා, හිස්වැසුම්, අත්බෝම්බ, පතොරම් සහ ස්වයංක්‍රීය G3 රයිෆල් ලබා දීමට එකඟ වූ බව යි වාර්තා වන්නේ.

ග්‍රීසිය

ග්‍රීසිය විසින් ආරක්ෂක උපකරණ මෙන්ම මානුෂීය ආධාර ද යුක්රේනයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

රුමේනියාව

යුක්රේනය සමඟ දේශසීමාවක් බෙදා ගන්නා රුමේනියාව – එහි හමුදා රෝහල්වල අර්බුද කලාපවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඩොලර් මිලියන 3.3ක් හා ඉන්ධන, වෙඩි නො වදින කබා, හිස්වැසුම් සහ අනෙකුත් මිලිටරි ද්‍රව්‍ය යැවීමට යි ඉදිරිපත් වී ඇත්තේ.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤ ආණ්ඩුව යුක්රේනයට ඉන්ධන ටොන් 20ක් යැවීමට පොරොන්දු වී තිබෙනවා.

චෙක් ජනරජය

යුක්රේනයට මෝටාර් 4,000ක් පිස්තෝල 30,000ක් ප්‍රහාරක රයිෆල් 7,000ක් මැෂින් තුවක්කු 3,000ක් ස්නයිපර් රයිෆල් බොහොමයක් සහ උණ්ඩ මිලියනයක අවි ගබඩාවක් ‍යැවීමට යි චෙක් ජනරජය තීරණය කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles