Tuesday, October 29, 2024

යුක්රේනයේ පළමු සංචාරක කණ්ඩායම‍ දිවයිනට

ගෝලීය කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු සංචාරක කණ්ඩායම හෙට (28) යුක්රේනයේ කියු (Kyiv) අගනුවර සිට මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සිළුමිණට කීවේය.

හෙට පස්වරු 2.14ට Skyup එයාර්ලයින්ස් PQ 555 ගුවන් යානයෙන් මෙම සංචාරක කණ්ඩායම මත්තල ගුවන් තොටුපොළට අතර පළමු කණ්ඩායමට සංචාරකයන් 200ක් ඇතුළත් වන බව වීරතුංග මහතා පැවසීය.

ඔවුන් බෙන්තොට, බේරුවල හා කොග්ගල මුහුදු ආශ්‍රිත සංචාරක හෝටල්වල පමණක් නවාතැන් ගන්නා බවත් දේශීය මහජනතාව සමඟ මිශ්‍ර නොවන සේ සංචාරක කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

දෙවන සංචාරක කණ්ඩායමේ 215 දෙනකු යුක්රේන් ඉන්ටර්නැෂනල් ගුවන් යානයකින් 29 වැනිදා මෙරටට පැමිණෙන බවද ඔහු පැවසීය. මේ සංචාරකයින් එක් දින සංචාර 3ක් යාල සෆාරි, පින්නවල හා ගාල්ල කොටුව ප්‍රදේශවල යොදා ඇති බවත් ඒ සියලු සංචාරයන් දේශීය ජනතාව හා මිශ්‍ර නොවන සේ සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනු ලබන බවත් ඔවුන් අදාළ ස්ථානවලින් පිටව ගිය පසුව විෂබීජහරණය කිරීමෙන් පසුව දේශීය ජනතාවට අදාළ ස්ථාන විවෘත කෙරෙන බවද ඔහු පැවසීය.

මෙසේ පැමිණෙන එක් සංචාරකයෙක් හෝටල් ගාස්තු හැර දිනකට ඇමරිකන් ඩොලර් 100ත් 150ත් අතර මුදලක් දේශීය වශයෙන් ගනුදෙනු කරනු ලබන බවද උදයංග වීරතුංගයන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles