යුක්රේනය ආක්‍රමණය කලහොත් පූටින්ට එරෙහිව සම්බාධක පනවනවා – ඇමරිකානු ජනාධිපති කියයි

0
482

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කලහොත් ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට සිදුවනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.

බටහිර රටවල් ගණනාවක් විසින් රුසියාවට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අවස්ථාවක ඇමරිකා ජනාධිපතිවරයා විසින් සිදුකල මෙම ප්‍රකාශය බරපතල බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේන දේශසීමාව ආසන්නයට රුසියානු සෙබලුන් 100,000 කට වැඩි පිරිසක් කැඳවීම හරහා යුක්රේනය ආක්‍රමණයට රුසියාව සූදානම් වන බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් රුසියාව එම ප්‍රකාශ බැහැර කර ඇතත් පිළිගත හැකි නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඇමරිකාව ඇතුලු බටහිර රටවල් කිහිපයක් විසින් මෙම ගැටලුව උග්‍ර කරමින් සිටින බවටයි රුසියාව චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here