Tuesday, September 17, 2024

යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ! පිපිරීම් කිහිපයකුත් සිදුවෙයි

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වරාය නගරයේ අද (24) අලුයම 3.30ට පමණ මෙම පිපිරීම් හඬවල් ඇසුණු බව වාර්තා වේ.

මේ අතර යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ කිව් අගනුවරින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු බවයි එහි රැදී සිටින බී බී සී මාධ්‍යවේදියා සඳහන් කළේ.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතී.

රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසට යුක්‍රේනයේ ‘කිව්’ (ක්යිව්) තානාපති කාර්යාලය මගින් නිවේදනය අර තිබේ.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.

එමෙන්ම මේ වන විට නැගෙනහිර යුක්‍රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් සිදුකරන බව රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කියා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles