Saturday, September 21, 2024

යුක්රේනය බිඳවැටුණහොත්, එය යුරෝපයේද බිඳවැටීම විය හැකියි – සෙලෙන්ස්කි

යුක්රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් නම් කරන ලෙස යුක්‍රේනය කළ ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියානු ප්‍රහාර නතර කිරීම සඳහා යුක්‍රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අවස්ථා රැසකදීම ඉල්ලීම් කර තිබුණි.

ඒ සමග නේටෝ සංවිධානය දැඩි ලෙස විවේචනය කිරීමට යුක්රේන ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ, මෙතැන් පටන් යුක්රේනයේ සිදුවන සෑම මරණයකම වගකීම නේටෝ සංවිධානය මත පැටවෙන බවය.

ඔවුන් පවසන්නේ, මෙවන් අතපෙවීමක් මගින් සමස්ත යුරෝපයම යුද්ධයකට ඇදදැමීමේ අවදානමක් උද්ගත වන බවය.

නේටෝවේ මෙම තීරණයත් සමගින් යුක්රේන ජනාධිපතිවරයා විසින් නේටෝ වෙත දැඩි විවේචන ඉදිරිපත් කර ඇත.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,

“අද පටන් මෙහි සිදුවන සෑම මරණයකම වගකීම පැටවෙන්නේ ඔබ මතයි. ඔවුන් සියලුදෙනා මියයන්නේ ඔබ නිසා. ඔබේ දුර්වලකම නිසා. ඔබ අත්හැර දැමූ නිසා. පැවති නේටෝ හමුව දුර්වල හමුවක්. පැටලිලි සහගත හමුවක්. දුර්වල හමුවක්. යුරෝපයේ නිදහස වෙනුවෙන් අප සිදුකරන සටනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු නැතැයි ඔවුන් සිතනවා. යුක්‍රේනයට ඉහළ අහස වසාදැමීමෙන් නේටෝ සංවිධානය රුසියාවේ සෘජු කෝපයට ලක්වන බවයි ඔවුන් හිතන්නේ.යම් හෙයකින් මේ සටන අවසානයේදී යුක්‍රේනය බිඳවැටුණහොත්, එය යුරෝපයේද බිඳවැටීම වියහැකිය.”

එමෙන්ම ජනාධිපතිවරයා අවධාරණය කළේ, යම් හෙයකින් මේ සටන අවසානයේදී යුක්රේනය බිඳවැටුණහොත්, එය යුරෝපයේද බිඳවැටීම වියහැකි බවය.

ඉදිරියේදී යුක්රේනය සිදුවන සියළුම මරණවලට නේටෝ සංවිධානය වගකිව යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සදහන් කළේය.

යුක්රේන ගුවන් කලාපය ගුවන් මුක්ත කලාපයක් ලෙස නම් කරන්නැයි යුක්‍රේනය විසින් කරන ලද ඉල්ලීම ඉල්ලීම නේටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ එවන් තීරණයක් මගින් යුරෝපයම රුසියාව සමග යුද්ධයකට ඇදදැමීමක් වනු ඇතැයි පුරෝකථනය කරමිනි.

මේ අතර යුක්‍රේනයේ ක්‍රියාත්මක යුද්ධයට එරෙහිව ලොව රටවල් රැසක මේ වනවිට විරෝධතා පැවැත්වෙමින් තිබේ.

විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කරලීම සඳහා නේටෝ සංවිධානයේ රටවල නායකයන් සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කළේ.

මේ නිසා රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් ජනතාව මියයන බව ඔහු කියා සිටියා. නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන නායකයා සඳහන් කළේ.

ඒ අනුව විවිධ රටවල ප්‍රමුඛ නගරවල පැවැති
විරෝධතාවේ නිරත පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ ඇමතීමටත් යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

යුක්‍රේන නගර රැසක් මේ වනවිටත් රුසියාවේ දැඩි ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබේ.

මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචනයට ලක්වුණා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් අමතමින් ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් කියා සිටියේ යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට එල්ලවූ ප්‍රහාරය ඛේදවාචකයකින් අවසන් නොවූයේ දේව හාස්කමක් ලෙසින් බවයි.

මේ අතර යුක්රේන ආක්‍රමණයට තම රට තුළින්ම එල්ලවන විරෝධය උත්සන්න වද්දී රුසියාව ෆේස්බුක් තහනමක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍යයන්ද රුසියානු බලධාරීන් විසින් අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු රජයේ ප්‍රධානීන් මෙන්ම එරට තෙල් ධන කුවේරයන්ට එරෙහි සම්බාධක ලොව පුරා ක්‍රියාත්මක වන බව ද දක්නට ලැබෙනවා.

ඒ අනුව රුසියානු ධන කුවේරයෙකු වන ඇලෙක්සි මොඩෂොව්ට අයත් ඩොලර් මිලියන 27 ක් වටිනා අඩි 213 ක් දිගැති සුඛෝපභෝගී යාත්‍රාවක් ඉතාලි පොලිසිය සිය භාරයට ගෙන ඇති බව වාර්තාවුණා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles