Saturday, September 21, 2024

යුක්රේන ආරක්ෂක අංශ රුසියන් ප්‍රහාරක ජෙට් යානා හතරක් බිම හෙළද්දි කීව් නගරයේ රෝහලක් රුසියානු හමුදා භාරයට ගනී

පුළුල් ප්‍රතිප්‍රහාරයක් දියත් කරමින් රුසියානු හමුදා භාරයේ තිබූ නගර කිහිපයක් යළි අත්පත් කරගැනීමට හැකිවූ බවත් රුසියන් ප්‍රහාරක ජෙට් යානා 04ක් බිම හෙළීමට හැකිවූ බවත් යුක්‍රේන ආරක්ෂක අංශ පවසයි.

එමෙන්ම මේ දක්වා රුසියානු හමුදාවේ ප්‍රහාරක යානා 90ක් විනාශ කර ඇති බවත් ඉන් 69ක් ගොඩබිමේදීත් 21ක් ගුවනේදීත් විනාශ කර ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසා ඇත.

මෙි අතර යුක්රේනයේ කීව් නගරයේ Borodyanka ප්‍රදේශයේ පුද්ගලයන් 670 දෙනෙකු සමඟ මනෝචිකිත්සක රෝහලක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර Oleksiy Kuleba ප්‍රකාශ කර ඇත.

“මේ අය ඉවත් කරන්නේ කෙසේද, ඔවුන්ට උදව් කරන්නේ කෙසේද කියා ඇත්තටම අද අපට තේරෙන්නේ නැහැ. ඔවුන්ට ජලය සහ බෙහෙත් හිඟයි,” යැයි කුලේබා පැවසීය.

“මේ අය යම් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, ඔවුන්ට නිරන්තර උපකාර අවශ්‍ය වේ .. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් ඇඳේ සිටියේ” යැයි ඔහු විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා යුක්‍රේන සිවිල් වැසියන් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසයි.

කෙසේනමුත් යුක්රේනයේ රුසියාව සමඟ ඇති වූ යුද්ධයෙන් මේ දක්වා තහවුරු කරගත් තොරතුරු මත, අවම වශයෙන් සිවිල් වැසියන් 351 දෙනෙකු මිය ගොස් 707 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එමෙන්ම මෙම සංඛ්‍යාව සැලකියයුතු ලෙස වැඩිවිය හැකි බවද එම සංවිධානය පවසයි.

අද තාවකාලික සටන් විරාමයක් අතරතුර ඉවත් කිරීම් සිදු කිරීමට නියමිතව තිබූ වොල්නොවාකා ප්‍රදේශයේ සිය ගණනක් ජීවිත හානි සිදුවී ඇති බවද එම සංවිධානය පවසයි.

තාවකාලිකව සටන් විරාමය උල්ලංඝනය කරමින් රුසියානු හමුදාව නැවත වරක් ප්‍රහාර එල්ලකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles