Friday, September 20, 2024

යුක්රේන ජනපති ඝාතන තැත සතියක් තුළ තෙවතාවකදී ව්‍යාර්ථ වෙයි

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු යුක්‍රේනය එය ව්‍යර්ථ කර ඇති බවය.

එමෙන්ම වොලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් දෙකක් විනාශ වූ බව යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් “වොෂින්ටන් පෝස්ට්” පුවත්පත ද අනාවරණය කළේය.

මෙම උපක්‍රමශීලී අයුරින් සංවිධානය කෙරුණු ජනාධිපති ඝාතන රැල්ල පසුගිය සතිය පුරාවට ම සිදු ව ඇති බවටත් තොරතුරු හෙළි ව තිබෙනවා.

ජනපති සෙලෙන්ස්කි ඝාතනය සඳහා විශේෂ වූ කුලී හමුදාවන් වැනි වූ කණ්ඩායම් දෙකක් රුසියාව විසින් යොදවා තිබුණා.

ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් ක්‍රෙම්ලිනයේ අත්වාරු ලබන වැග්නර් නමැති කණ්ඩායමක් වන අතර, චෙචන් නමැති කුලී හේවා කණ්ඩායම් දෙකක් ද ඒ සඳහා යොදා තිබූ බවටයි ටයිම්ස් සඟරා පෙන්වා දෙන්නේ.

රුසියානු ජනරජයේ ෆෙඩරල් හෙවත් සන්ධීය ආරක්ෂක සේවය තුළ යුද විරෝධී කණ්ඩායම් සහ බලඇණි විසින් යුක්‍රේන ජනපති ඝාතන ත්‍රිත්ත්වයම වළක්වා ඇති බව ද වාර්තා වනවා.

යුක්‍රේනයේ අගනගරය වන කිව් නුවර පරිශ්‍රයේ වැග්නර් නමැති කුලී හේවා කණ්ඩායම සෙලෙන්ස්කි ඝාතනයට රැඳී සිට ඇති අතර, ඔවුන්ගේ සැලසුම් වී ඇත්තේ කුමන හෝ මිලේච්ඡ ක්‍රියාවකින් යුක්‍රේන ජනපති ඝාතනය කරලීමයි.

එම කුලී හේවා හමුදාව ගැන යුක්‍රේන ජනාධිපති ආරක්ෂක අංශ සරලව පවසා ඇත්තේ එම හමුදාව “අමුතු” කොට්ඨාසයක් බවයි.

එමෙන්ම යුක්‍රේන ආරක්ෂක අංශ පැවසුවේ, කදිරොවයිට්ස් ලෙස හැඳින්වෙන ප්‍රභූ පැලැන්තියේ යැයි සැලකිය හැකි විශේෂ බලකායක් මෙම ඝාතන රැල්ලේ මූලාසනය හොබවන බවයි.

යුක්‍රේන ජාතික ආරක්‍ෂක සහ ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රධානී ඔලෙක්සි ඩැනිලෝ පැවසුවේ “අපගේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කදිරොවයිට්වරුන් විසින් සෘජුවම සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ මෙහෙයුම පිළිබඳව අපි හොඳින් දනිමු..” යනුවෙනි.

එමෙන්ම මෙම ඝාතනය සාර්ථක වූ විට ආරක්ෂිතව සහ සූක්ෂ්ම අයුරින් කිව් අගනුවරින් පිටත් වීමට රුසියානු විශේෂ බලකායන් පැමිණෙන තෙක් ඔවුන්ට බලා සිටීමට ද උපදෙස් ලැබී තිබූ බවට ද තොරතුරු යුක්‍රේන ආරක්ෂක අංශ වෙත අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු කුමන්ත්‍රණකාරී බලකායන් විසින් යුක්‍රේන අගනගරය ද මේ වනවිට ආක්‍රමණය කර ඇති අතර, තැන තැන විසිරුණු 400ක පමණ කණ්ඩායමක් ඔවුන් සතුව ජනපති සෙලෙන්ස්කි ඝාතනයට සම්බන්ධ බවට ද කරුණු හෙළි ව තිබෙනවා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ තම රටට කිසිදු අයුරකින් රුසියාවට පහරදීමට හෝ එරට වැසියන් විනාශ කිරීමට අවශ්‍ය නොවන බවයි.

මේ නිසා වහාම ඉක්මනින් යුද ගැටුම් අවසන් කිරීමට තමන් සමග මුහුණට මුහුණ සංවාදයකට පැමිණෙන ලෙසටත්, තමන්ට අනිවාර්යයෙන්ම ව්ලැද්මීර් පුටින් සමග හමුවී හෝ සාකච්ඡා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

තවදුරටත් අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කොට, අත් පා අහිමි කොට යුද ගිනිදැල් නිවා දැමීමෙන් කිසිදු යහපතක් සිදු නොවන බව ද යුක්‍රේන ජනපති වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles