Saturday, September 21, 2024

යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවෙකු ගේ වෙඩි පහරින් රුසියානු හමුදාවේ ප්‍රධාන පෙලේ යුද හමුදා ජනරාල්වරයෙකු මියයයි

රුසියානු හමුදාවේ ප්‍රධාන පෙලේ යුද හමුදා ජනරාල්වරයෙකු යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවෙකු ගේ වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් බුද්ධි අංශ වාර්තා කර සිටිනවා.

ඉකුත් සතියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු යුද පිටියේදී රුසියානුවන්ට අහිමිවූ ප්‍රධාන පෙලේ හමුදා නිලධාරියෙකු ලෙස මොහු දැක්වෙන බවයි විදෙස් බුද්ධි අංශ වාර්තා කර සිටින්නේ.

රුසියානු හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු වන 47 හැවිරිදි ඇන්ඩ්‍රේ සුකොවෙට්ස්කි මෙලෙස යුක්රේන ස්නයිපර් තුවක්කුකරුවෙකු ගේ වෙඩි පහරින් මියගොස් ඇත.

මිට අමතරව තවත් රුසියානු හමුදා අණදෙන නිලධාරීන් දෙදෙනෙකු ද යුක්රේන ස්නයිපර් වෙඩික්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එලෙස මියගොස් ඇත්තේ රුසියානු හමුදාවේ සේනාංක අණදෙන නිලධාරියෙකු සහ රෙජිමේන්තු අණදෙන නිලධාරියෙකු බවයි හෙළිවී ඇත්තේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව විසින් සකසන ලද සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජේෂ්ඨ හමුදා නිලධාරීන් ඉදිරි යුද පෙරමුණට පැමිණීමට සිදුව ඇති බවත් එහිදී පහසුවෙන්ම යුක්රේන ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වන්නට ඇති බවයි බටහිර බුද්ධි අංශ සඳහන් කර සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles