Friday, September 20, 2024

යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානු හමුදා යටතට

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා.

250,000ක පමණ ජනතාවක් එහි ජිවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අනුව මිලයන භාගයකට ආසන්න ජනතාවක් ජීවත් වන දකුණු යුක්‍රේනයේ පිහිටි කෙර්සන් නගරය මේ වන විට රුසියානු හමුදා යටතට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නගරයේ නගරාධිපතිවරයා යුක්‍රේන රජයෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ආහාර සහ ඖෂධ ඇතුළු සැපයුම් ලබාදෙන ලෙසත්, තුවාල ලැබූවන් ඉවත් කිරීම සහතික කරන ලෙසත්ය.

එම ප්‍රාදේ‍ශයේ ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා දක්වමින් බිබිසී ලෝක සේවය වාර්තා කර තිබුණේ කෙර්සන් නගරයේ පැවැති ගැටුම් අතර පුද්ගලයින් 200කට ආසන්න ප්‍රමාණයක් මිය ගිය බවයි.

ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් බවද ඔහු බිබිසී වෙත පවසා තිබුණා.

මේ අතර යුක්‍රේනයේ බටහිර දෙසින් පිහිටි සයිටෝමයිර් නගරයේ නිවාස සංකීර්ණයක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවටද වාර්තා වෙනවා.

⁣එමෙන්ම රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි ප්‍රධාන රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි දී පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles