යුක්රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර මිලත් ඉහළට

0
475

යුක්‍රේන් – රුසියා අර්බුදයෙන් ලෝක ආහාර මිලත් ඉහළට

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ආහාර සැපයුම් සහ ආහාර නිෂ්පාදන වියදම් ඉහළයාම හේතුවෙන්. පොහොර මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක් දැනටමත් රුසියාවෙන් අත්‍යවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය ලබාගන්නා බවයි.

පොහොර මිල ඉහළ යාමට අමතරව ගෑස් මිල ඉහළ යාමද කෘෂිකර්මාන්තයට සහ ආහාර නිෂ්පාදන මිල ඉහළ යාමට සෘජුව බලපාන බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. රුසියාව යනු පොහොර කර්මාන්තයේ දැවැන්ත පංගුවකට හිමිකම් කියන රටක්. යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිල වසර 13 කට පසු අද ඉහළම අගයද වාර්තා කළා. බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් මිලද අද ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කළේ මේ අතරතුරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here