යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට ඉල්ලීමක්

0
594

සාමය සහ ආරක්ෂාව පිලිබඳ සාකච්ඡා නොපමාව ආරම්භ කරන ලෙස යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණයේදී රුසියාව අතින් සිදුවූ අත්වැරදි වල හානිය අවම කර ගැනීමට මෙය ඔවුන්ට ලැබෙන අවස්ථාවක් බවයි.

සාකච්ඡා පැවැත්වීම මෙන්ම, යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාව සහ යුක්තිය ස්ථාපිත කරලීමට කාලය පැමිණ ඇති බවද ඔහු සඳහන් කළා.

එසේ නොවුනහොත් රුසියාවට සිදුවන හානිය නැවත අත්පත්කර ගැනීමට, ඔවුන්ට පරම්පරා ගණනාවක් ගතවන බවද ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here