යුක්රේන ජනපතිගෙන් ලෝකෙම ‌හොල්ලන ප්‍රකාශයක් !

0
599

රුසියානු ප්‍රහාර මැද යුද්ධයේ 12 වැනි දිනයේ යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

තමන් තවමත් කීව් නුවර සිටින බව කී යුක්රේන ජනාධිපතිවරයා තමන් මෙම දේශප්‍රේමී යුද්ධය ජයගන්නා බවද එහිදී කියා සිටියේය.

මෙි අතර රුසියානු ප්‍රභල මිසයිල ප්‍රහාරයකින් නිවසක් අතුරුදන් ව ඇති වීඩියෝවක් විදෙස් මාධ්‍ය පළ කර තිබේ.

රුසියානු හමුදා වටලා ඇති දකුණු යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන Mariupol නගරයේ නිවසක් මෙසේ සමතලා වී තිබෙනවා.

විදුලිය සහ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම ඇණහිටී ඇති නිසා මේ වනවිට යුක්‍රේනයේ යුධ ප්‍රදේශ වල තොරතුරු සැපයීමට බාධා මතුව ඇති බව එම ප්‍රදේශවල මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here