Saturday, September 21, 2024

යුගදනවිය ගැන කතා කරන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අදත් රැස්වෙයි

යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් අද යළි රැස්වනවා.

අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට වේලාවක් දෙන්නැයි, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක නායකයින් පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබුණා.

ජනාධිපතිවරයා සිය ප්‍රතිචාරය පිළිතුරු ලිපියක් මගින් පක්ෂ නායකයන්ට දන්වා ඇති අතර එමගින් දැනුම්දී ඇත්තේ ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් අද යළි රැස්වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles