යුගදනවි ඇමෙරිකානු සමාගමට දීම ගැන අගමැති සහ පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක්

0
304

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇතිවී තිබුණි.

ඒ අනුව, අදාළ සාකච්ඡාව අද දිනයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here