යුගදනවි කොටස් ගිවිසුමට එරෙහිව කාදිනල් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට

0
428

කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මේ පෙත්සම මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම වගඋත්තරකරුවන් අතරට නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගමද ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here