Friday, January 24, 2025

යුගදනවි කොටස් ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට

කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ 40%ක කොටස් ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගමට පවරාදීම බලරහිත කරන්න ලෙස ඉල්ලා සමඟි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු යුගදනවි තාප විදුලි බලාගාරය ඇමරිකාවට පවරාදීමේ ගිවිසුම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙන්ම ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම ඇතුළු 54 දෙනෙකු නම් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles