Sunday, December 22, 2024

යුගදනවි ගිවිසුමට තක්සේරු වාර්තාවත් දිනකින් ලබාදීම සමිබන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදිමට ගිවිසුම් ගතවීම ප්‍රකාරව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව දිනක් තුල තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම වෙනුවෙන් එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් එල්.එල්.සී සමාගම මෙම ගිවිසුමට එළඹ ඇත්තේ පසුගිය සැප්තැම්බර් 14 වනදායි.

ගිවිසුම් ගත වීමට පෙර මුදල් අමාත්‍යාංශය, ජූලි 9 වනදා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ තක්සේරු වටිනාකමේ වාර්තාවක් ඉල්ලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර තිබුණි,  ඒ අනුව, යුගදනවි බලාගාරයේ වටිනාකම තක්සේරු කරමින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරු ඩී.එස් මුතුකුමාරණගේ අත්සනින් යුතුව දිනක් තුල මෙම තක්සේරු වාර්තාව ලබාදී ඇත.

ඒ බලාගාරයේ කොටසක වටිනාකම රුපියල් 1155 ත් 1252 ත් අතර බව දන්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles