Monday, January 13, 2025

යුගදනවි ගිවිසුම අහෝසි කරනතෙක් ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසනවා.

කෙරවලපිටිය, යුගදනවි LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු පවසන්නේ අකුරට වැඩ කිරීමෙන් සිදුවන්නේ විදුලි පද්ධතිය කොටසින් කොටස බිඳ වැටෙන බවයි.

“අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන එක. විදුලි විසන්ධිවීම් සිදුවෙයි. එය එන්න එන්නම වැඩිවෙයි. ජලය නැතිවෙයි. රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. තෙල් ගහන්න බැරිවෙයි. රට නවතියි. අපිව එතනට තල්ලු කරන්න එපා” යි ඔහු පවසනවා. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ අනාගත පරම්පරාවක අයිතිය සහ සම්පත් ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි සභාපතිවරයා කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles