Saturday, September 21, 2024

යුගදනවි ගිවිසුම ගැන බැසිල් පැහැදිලි කළාම විමල්, වාසු, මෛත්‍රී එතැනදී ආයෙ ප්‍රශ්න ඇහුවේ නෑ – සාගර

යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සම්බන්ධයෙන් පැවති ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ බවත් ඒ කිසිවෙකු ඉන් අනතුරුව දිගින් දිගටම ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් අපි දැක්කා විමල් වීරවංශ මහත්තයායි ගම්මන්පිල මහත්තයායි යම් යම් විදියට පොඩි පොඩි ගිනිපුපුරු පිටවුණානෙ ?

“විමල් වීරවංශ මැතිතුමාට, වාසුදේව නානායක්කාර මැතිතුමාට ඒවගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ සම්බන්ධයෙන් කිසියම් වූ දේවල් තිබුණා නිරවුල් කරගන්න. ඉතින් ඔවුන් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් විමසුවා, ඒ සියලු දේට මං හිතන්නෙ ඔවුන් තෘප්තිමත් වන ආකාරයෙන් පිළිතුරු ලැබුණා. එතකොට ඒ සියලුම පිළිතුරුවලින් පස්සෙ ඔවුන් එතනින් එහාට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ නෑ” 

ප්‍රශ්නය – වාසුදේව ඇමතිවරයා “මේක අපි දන්නෙ නෑ, අපි එකඟ වෙච්ච එකක් නෙවෙයි” වගේ කතාවක් කියනවා. “මේක අත්සන් කරනවා අපි දන්නෙ නෑ” වගේ එහෙම එහෙම පොඩි පොඩි තැන්වලින් එළියට එනවා …

“පක්ෂ නායක රැස්වීමක් කැඳවලා ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරුණු පැහැදිලි කළා. ඉතින් මං හිතන්නෙ තවදුරටත් කිසිම පක්ෂ නායකයෙක්ට මේක කියන්නත් බෑ මේක ගැන දැනුමක් නෑ කියලා. විවිධ පුද්ගලයින්ගෙ පුද්ගලික මතිමතාන්තර නෙවෙයි රටට හොඳද නැද්ද කියන එක පමණයි අපි විශේෂයෙන් සලකා බලන්නෙ” 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Lanka News Web

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles