Sunday, September 22, 2024

යුගදනවි ගිවිසුම දකින්න ඔිනමයි කියලා නෑනේ..
දැක්කත් නැතත් අපි අනුමත කරනවනෙ – ජොන්ස්ටන්

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම තමන් දැකීම අවශ්‍ය දෙයක් නොවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම ගිවිසුමට නීතිපති අනුමැතිය ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලය ඉදිරිපත් වී ඇති බවත් එනිසා අමාත්‍යවරු ලෙස ගිවිසුමේ ඇති දේවල් පිළිබඳව සෙවීම අනවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවය ඉදිරිපත් කරන ලද ගිවිසුම තමන් නොදුටු බවත් එනිසා එය සත්‍ය ගිවිසුම ද බොරු ගිවිසුමක් දැයි තමන් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගය මැද ඇමරිකානු ආයෝජකයෙක් ලංකාවට පැමිණීම විශාල ජයග‍්‍රහණයක් යයිද කී ඔහු විපක්‍ෂයට ඇත්තේ ඒ ගැන ඊර්ෂ්‍යාවක් යයිද ඇමතිවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමාට එම ගිවිසුම දැක ගැනීමට ද අවශ්‍ය නොවූ බවය.

ඔහු පෙන්වා දෙන්නේ කැබිනට් අනුමැතිය හිමිවූ පසු ගිවිසුම ඇති කරුණු සෙවීමට අවශ්‍ය නොවූ බවය.

ඔය ගිවිසුම මම නම් දැක්කේ නැහැ. ඉතින් ඒ ගිවිසුම හරි ගිවිසුමද නැත්නම් හොර ගිවිසුමක්ද මොකක්ද කියන එක මම දැන්නේ නැහැ. හැබැයි යුගදනවි එක මේ රටට අවශ්‍ය කරන ඉතාමත් හොඳ දෙයක්. මේ ගිවිසුම අත්සන් කරන්න කැබිනට් එක අනුමැතිය දීලා තියනවානේ. එතකොට කැබිනට් ඇමතිවරයෙක් හැටියට මම ගිහිල්ලා ගිවිසුමේ මොනවාද තියෙන්න ඕනේ දේවල් කියලා හොයන්න අවශ්‍ය නැහැ. ඒක තමයි විශ්වාසය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

https://www.facebook.com/A5News.lk/videos/604500814122419/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles