Monday, December 23, 2024

යුගදනවි ගිවිසුම බැසිල් දැකලා නෑලු

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිවු ෆෝටෙ‍්‍රස් සමාගමට ලබා දීම සඳහා අත්සන් කළ ගිවිසුම තමන් දැක නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඉකුත්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා සිටින්නේ යාබද කාමර දෙකක බවද පැවසූ ඔහු මාස දෙකක කාලයක් තිස්සේ අදාළ ගිවිසුම මුදල් අමාත්‍යවරයාද දැක නැති නම් එය බරපතල කාරණාවක් බවද ජයසේකර මහතා සඳහන් කළේය.

ගුවන්විදුලි නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

දැනට අත්සන් තබා ඇත්තේ පෙර සැකසුම් ගිවිසුම පමණක් බවත් වැදගත්ම ගිවිසුම් ඉදිරියේ දී අත්සන් තබන බවත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා පක්ෂ නායක හමුවේ දී ඉල්ලා සිටි බවද මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles