Friday, September 20, 2024

යුගදනවි බලාගාර ගිවිසුම ගැන තැන් තැන්වල කතා කරපු එක වැරදියි – නාමල්

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කල බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තම අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ තිබූ බවත් ඒ මහතා පැවසීය.

එම අවස්ථාව භාවිතා නොකර තැන් තැන්වල ඒ ගැන කතා කිරීම වැරදි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිලිබද අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles