Saturday, January 18, 2025

යුගදනවි බලාගාරයේ කොටස් නිවි ෆෝට්‍රස් සමාගමට එරෙහිව පවරා ඇති පෙත්සම් විභාගයට ගැනේ

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගකිරීම ආරම්භ විය.

 මෙම පෙත්සම විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම විභාගය පැවැත්වේ. 

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මෙහිදී ලංකා විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා  කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. 

මෙහිදී ලංකා විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ

Dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles