Monday, January 27, 2025

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොවේ

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොව ඩොලර් මිලියන හාරසිය දහයකට ආසන්න මුදලක් විදේශයන් වෙත ඇදී යන්නක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ඒ ආශ්‍රිත සේවක වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත උද්ඝෝෂණ මාලාව සහ යුගදනවි පවරා දීමේ ආණ්ඩුවේ ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.

“යුගධනවි බලාගාරයේ තිබුණා විදේශ මුදල් වලින් ගෙවන ණය කොටසක්. ඒ වගේම රුපියල් දේශීය මුදල් වලින් ගෙවන ණය කොටසක්. ඒ විදේශ මුදල් වලින් ගේන ණය කොටස මේ වසරේ අග භාගය වෙනකොට ලබන වසරේ මුල භාගය වෙනකොට සම්පූර්.ණයෙන්ම අවසන් වෙනවා. ඒ අනුව ඉතුරු වෙන්නේ රුපියල් වලින් ගෙවන ණය විතරයි. දැන් එතකොට මොකද වෙන්න යන්නේ? මේ විදේශ ආයෝජනය මගින් මේ ලබාගන්නේ මේ බලාගාරය එහෙම නෙමෙයි. හුඟදෙනෙක් හිතනවා මේ බලාගාරයේ කොටස් 40% ක් ලබා ගන්නවා කියලා. නෑ. මේ බලාගාරයට ලංකා විදුලිබල මණ්ඩලය ඊළඟ අවුරුදු එකොළහේදී ගෙවීමට නියමිත රුපියල් බිලියන 225ක් ඒ කියන්නේ අද මිල ගණන් වල හැටියට ආසන්නයේ ඩොලර් 40% ක් ලබා ගැනීම තමයි මේකේ අරමුණ

දැනට රුපියල් වලින් ගෙවන්න තියෙන ණයක් ඩොලර් වලට පරිවර්තනය වීම තමයි වෙන්නේ කොටින්ම මෙතන වෙන්නේ ආයෝජනයක් නෙවෙයි තියෙන සල්ලියක් ආපහු යාම කොච්චරක්ද ආසන්න වශයෙන් අපිට පේනවා මේ ඊළඟ අවුරුදු එකොළහේදී පළමුව මෙය ආයෝජනයක් නෙවෙයි. ඩොලර් මිලියන 410 කට ආසන්න මුදලක් දැන් තියෙන තත්වය යටතේ පිටරට යනවා. ඉදිරියේදී රුපියල තවත් අවප්‍රමාණය වුනොත් මේ ගාන මීටත් වැඩි වෙන්න පුළුවන්. මේක තමයි තත්ත්වය.”

“ලංකාවේ මහා තෙල් හා ගෑස් උල්පතක් තියෙනවා. ලංකාවේ විදේශ ණය සියල්ලම ඒකෙන් ගෙවන්න පුළුවන් කියලා බලශක්ති ඇමතිතුමා ඇතුළු ආණ්ඩුව කියනවා. ඇත්තටම ඔය කියන තරම් ගෑස් සම්පතක් තාම නිශ්චිතව හම්බවෙලා නෑ. ලංකාව වටේටම ගෑස් සහ තෙල් තියෙන බව පැහැදිලියි.

නිශ්චිත ගෑස් සම්පතක් 2011 සැප්තැම්බර් මාසේ හමුවුණා මන්නාරමේ. ඒ ගෑස් සම්පතෙන් මේ සොබාදනවි, යුග දනවි, ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ඔය සියලුම බලාගාර ටික දුවවන්න. ඒ පිළිබඳ සැලැස්මක් යහපාලන කාලයේ හදලා 2015 අපි ඉදිරිපත් කළා. එතකොට ලංකාවේ ගෑස් සම්පත වේලි වේලී තිබියදී ඇමරිකාව හරහා අප්‍රිකාවෙන් අඩු මිලට ලැබෙන ගෑස් වැඩි මිලට ලංකාවට විකිණීමේ ප්‍රයත්නයක් තමයි මේ සිද්ධවෙන්නේ. කොහෙද දේශීය ආර්ථිකය? කොහෙද ජාතික ආර් ථිකය? කොහෙද දේශප්‍රේමය? මේ ගැන පි සියලු දෙනාම කම්පා විය යුතුයි. ඒක තමයි අපි මේ කියන්නේ. මේක ඉතාම දේශද්‍රෝහී ගිවිසුමක් විතරක් නෙවෙයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles