යුගදනවි බලාගාරයේ ගිවිසුම පූර්ණ සලකා බැලීමට විනිසුරු මඬුල්ලක් පත් කරන්නැයි, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

0
330

යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ පෙත්සම් අද (12) සලකාබැලීම සඳහා බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය විසින් මෙම ඉල්ලීම සිදු කළාය.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here