යුගදනවි බලාගාරයේ ගිවිසුම ගැන දැනුවත් කරන්න මහජන මන්ත්‍රණ සභාව රට වටේ යයි

0
446

ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂවල තවත් විශේෂ හමුවක් බලශක්ති අමාත්‍ය  උදයගම්මන්පිලගේ නිල නිවසේ දී පසුගිය දිනක පැවැත්වී ඇති බව වාර්තා වේ. මෙම හමුව සඳහා  වාසුදේව නානායක්කාර,  තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය  ජි  වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි  ඇතුළු පිරිසක් සහභාගී වී සිට ඇති බවයි වාර්තා වන්නේ.ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මෙම හමුවට සහභාගි වී නැති. අතර ඊට හේතුවුයේ ඔහු ඒ වන විට ඉන්දුනීසියාවේ  සමුළුවක් සදහා සහභාගී වී සිටීමයි.

මහජන මන්ත්‍රණ සභාව දිස්ත්‍රික්ක වශයෙන් ඉදිරියට පවත්වාගෙන යාමට මෙහිදී  පක්ෂ නායකයින් තීරණය කර ඇත. යුගදනවි  බලාගාරය, අයවැය ,සහ රටේ ජනතාව මුහුණදෙන බොහෝ ගැටළු පිළිබඳවද  හවුල්කාර පක්ෂ නායකයෝ මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here