යුගදනවි බලාගාරය ඇමරිකාවට පැවරීමෙි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ජනාධිපති, බැසිල් දන්නෙවත් නෑ – ඇමති ලොකුගේ

0
347

යුගදනවි බලාගාරය 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ මහතා නොව ජනාධිපතිතුමන් බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමෙන් පසු අදාල ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බවත් ඔහු පවසයි.
දැනට අත්සන් කරන්නේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලිව පැවසූ බවද ඔහු කීය.
අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එසේ සම්බන්ධයක් ඇතැයි කියන්නේ ගැලරියට කතා කරන උදවිය බවත් ඔහු තවදුරටත් කියා සිටී.
සතිඅන්ත පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here