Sunday, September 22, 2024

යුගදනවි බලාගාරය නිවි ෆෝට්‍රසි සමාගමට පැවරීමෙි ගිවිසුම ගැන වසර 2 ක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය එකඟවවෙලා ?

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශවය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

අදාළ ගිවිසුමේ වගන්තියක මේ බව දන්වා ඇති අතර ඒ අනුව ගිවිසුම අත්සන් කළ දිනය වූ 2021/09/17 දා දිනයේ සිට 2023/09/17 දා දක්වා ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශ්වය විසින් හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි.

ගිවිසුමේ අන්තර්ගතය හෝ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අවස්ථාවේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මසක් ඇතුළත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියද මෙතෙක් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.

යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් ආයතනයට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගිවිසුම මේ සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.

කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේ ඒ ගිවිසුම පිළිබඳව ලබන සතියේදී සාකච්ඡාවට ලක්කරන බවයි.

මෙම ගිවිසුම පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්සන් කර ඇති අතර එයට රජයේ හවුල්කාර පක්ෂවලින්ම විරෝධයක් මතුව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles