කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා ඇත්තේ වසර 15 ක් සදහා බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ගිවිසුමකට යටත්වයි. අදාළ වසර 15 න් පසු එහි අයිතිය යළි ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ පක්‍ෂ නායකයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීද අවධානයට යොමුවී තිබෙනවා.