Monday, September 23, 2024

යුගදනවි විකිණීමට එරෙහිව රාජ්‍ය ඇමති විදුර පෙරට

තමන් පෙනී සිටින්නේ රටේ සම්පත් පිටරට විකුණන්න දෙන්න බැහැ යන මතය වෙනුවෙන් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා.

එනිසා තමන්ගේ යෝජනාව හා ඉල්ලීම වන්නේ රටේ සම්පත් පිටරට විකුණන්ඩ එපා කියන එක බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

වැඩි ආයුෂ නැහැ

ශ්‍රී ලංකාව දුප්පත් රටක් වුවත් අපට ඉතිහාසයක් , උරුමයක් තිබෙන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඊට පයින් ගසන දේශපාලඥයන් සහ එම සංවිධාන මේ රටේ වැඩි කලක් පැවතී නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට දීමට තමන්ම නියෝජනය කරන රජය ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය

1956 ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා රජය භාරගත් විගසම කළ පළමු කාර්යයන් අතර වූයේ බ්‍රිතාන්‍යයන් අත තිබූ කටුනායක හා ත්‍රිකුණාමල හමුදා කඳවුරු රජයට පවරා ගැනීම බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එදා බණ්ඩාරනායක මහතා එසේ කළේ රටේ අභිමානය උදෙසා බවත් සඳහන් කරනවා.

ඇතැම් විට ඇතැම් අංශ බ්‍රිතාන්‍යයන් සතුව තිබුණා නම් මීට වඩා ඒ අංශවලින් දියුණුවක් ලැබීමට හැකියාව තිබූ බවද පෙන්වා දෙන්න රාජ්‍ය අමාත්‍යවරයා ඒ සියල්ල පසෙකලා බණ්ඩාරනායක මහතා එදා අපි අභිමානයට ප්‍රමුඛතාවය දුන් බවයි සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles