යුද උණුසුමක පෙර නිමිති නිසා බොරතෙල් මිල යළි ඉහළට

0
473

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමග ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල සීඝ්‍ර ඉහළ යාමක් සිදුව ඇති බව වාර්තා වනවා.

නැගෙනහිර යුක්රේනයේ කලාප දෙකක් වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධින  රාජ්‍යයන් ලෙස පිළිගන්නා බවට රුසියානු ජනාධිපතිවරයා විසින් ඊයේ නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.

ඊයේ සවස වන විට අමෙරිකානු වෙළෙඳපළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 94ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය 3.22% ක ඉහළ යාමක් සිදුව තිබෙනවා.

මේ අතර බ්‍රෙන්ට් ඉන්ධන වෙළෙඳපලේ ඉන්ධන බැරලයක මිල 1.34% ක ඉහළ යාමක් සිදුව ඇත. ඒ අනුව ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.73ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here