යුද හමුදාවේ 72 වන සංවත්සරය අද

0
323

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය සහ යුද හමුදා දිනයට සමගාමීව නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින් 10,369 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (10) දින ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට,
කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 42 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 256 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 10 දෙනෙකු කපිතන් නිලයට, දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 152 දෙනෙකු ලුතිතන් නිලයට සහ උපපන්න නිලධාරින් 22 දෙනෙකු ලුතිතන් නිලයට උසස්වීම් ලබන බවයි යුද හමුදාව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here