Monday, September 23, 2024

රුසියාවේ ඛනිජ තෙල් ආනයනය නැවතුවහොත් සමස්ත යුරෝපයටම ගෑස් ලබාදීම නවතා දමනවා – රුසියාව දැනුම් දෙයි

යුරෝපයට රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය අත්හිටුවුවහොත් යුරෝපයට ගෑස් සැපයුම අත්හිටුවන බව රුසියාව දැනුම් දී තිබේ.

යුක්රේන රුසියා ගැටුම හේතුවෙන් කැනඩාවට ඇතුළු රටවල් කිහිපයක් රුසියාවෙන් ඉන්ධන ආනයනය අත්හිටුවා ඇත.

ඇමරිකාව මේ වන තෙක් රුසියානු ඛනිජ තෙල් ආනයනය අත්හිටුවා නැතත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ.

කෙසේ වුවද සම්බාධක පැනවීමත් සමග බටහිර රටවල් රුසියාවෙන් කනිජ තෙල් ආනයනය අත්හිටුවන්නේ නම් යුරෝපයට දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද රුසියාව කියා සිටියි.

යුරෝපා කලාපයේ ගෑස් අවශ්‍යතාවෙන් 40%ක් හා ඛනිජ තෙල් අවශ්‍යතාවෙන් 30%කද සැපයුම්කරුවා වන්නි රුසියාවයි.

මේ වන විටත් යුරෝපයේ ඉතා ඉහල ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් 3,900ක් දක්වා මිල නියම වී ඇත.

යුක්රේනයේ සිදුවෙමින් පවතින රුසියානු හමුදා ප්‍රහාරය මත මෙසේ මිල ගණන් දිගටම ඉහල යමින් පවසී.

මේ අතර රුසියානු රාජ්‍ය බලශක්ති දැවැන්තයා සහ ප්‍රධාන ගෑස් අපනයනකරුවෙකු වන ‘ගැස්පෝම්’ පවසන්නේ යුක්රේන භූමිය හරහා යුරෝපයට රුසියානු ගෑස් සැපයීම තව දුරටත් සිදුවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles