යුරෝපා වයිරසය මට්ටු කරන්න බ්‍රිතාන්‍ය එන්නත සමත් වෙයි!

0
767
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු ලෝකයේ රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරස් ප්‍රභේදය මර්දනය කිරීමට සඳහා ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමත්ව තිබෙන බවට එම ඖෂධ සමාගම ප්‍රකාශ කර තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානී පැස්කල් සෝරියට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ සිය එන්නත තරගකාරි අනෙකුත් එන්නත්වලට සමාන සඵලතාවක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නතේ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙන්නේ එය සියයට 70ක සඵලතාවකින් යුක්තවන බවයි.

කෙසේ වුවද ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් සියයට 95කට ආසන්න සඵලතාවක් පෙන්නුම් කර තිබෙන අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගම සඳහන් කරන පරිදි පූර්ණ අධ්‍යයනවලින් පසු ඔක්ස්ෆර්ඩ් එන්නත ද ඊට සමාන සඵලතාවක් අත්කර ගනු ඇති.

එය දරුණු කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සියයට සියයක රැකවරණයක් ලබාදෙන බවද පැස්කල් සෝරියට් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here