Friday, January 24, 2025

යුරෝපා සංගමයේ නියෝජිතයන් සජිත් හමුවෙයි

යුරෝපා කොමිසමේ නියෝජිතයින් පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුව තිබෙනවා.

GSP ප්ලස් සහනය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව කරුණු අධ්‍යනය සඳහා අදාළ දූත පිරිස මෙරටට පැමිණ සිටින අතර ඒ අතරතුර එම පිරිස විපක්ෂ නායකතුමා හමු වුණා.

GSP ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍යකරන සහයෝගය ලබා ලබාදෙන ලෙසත් සජිත් පේමදාස මහතා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරනවා.

කොවිඩ් ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝ ලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍ රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාළ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන්.

මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජනබලවේගයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles