Monday, September 23, 2024

යොහානිගේ පළමු ප‍්‍රසංගයට ඉන්දිය ජනතාවගෙන් ඉහළ ප‍්‍රතිචාර

යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.

මේ සඳහා යොහානි සමග ඇගේ සංගීත කණ්ඩායම ද සහභාගි විය. ඇය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගයනවිට ඉන්දීය පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ප‍්‍රතිචාරයක් හිමි විය.

ඇගේ මීළඟ ප‍්‍රසංගයට හෙට 03 දා හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය නාලිකා කිහිපයක්ම යොහානි සමග සම්මුඛ සාකච්ඡුාවක් ද පවත්වා ඇත.

ශී‍්‍ර ලාංකික ගායිකාවක් ඉන්දීය පේ‍්‍රක්ෂකයින් හමුවේ සජීවී ප‍්‍රසංගයක් පැවැත්වූ පළමු වතාව මෙය වේ.

මේ අතර කුනාල් දේශ්මුත් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ චිත‍්‍රපටය යොහානි ගයන ගීතය ද යූටියුබ් සමාජ ජාලයේ අතිශය ජනපි‍්‍රය වී ඇත. එය දැනටමත් නැරඹුම් වාර මිලියන 3.6 ඉක්මවා තිබේ.

මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.

ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (30) පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ” ලුනු මියුසික් ” සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය. ඒ අනුව ඊයේ පැවති යෝහානිගේ ප්‍රසංගය නැරඹීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ද පැමිණ තිබිණි.

ප්‍රසංගය අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පවසා තිබිණි. “ලංකාවේ සුන්දර රටක් කියලා අහලා තිබ්බට, ලංකාවේ ජනතාව මෙතරම් සුන්දරයි කියලා දැන ගත්තේ අද. මලක් වගේ පුංචි කෙල්ල අපේ මුළු භාරයතම පිස්සු වට්ටලා.”

එමෙන්ම ඉන්දියාවේ ප්‍රබල සංගීත ශිල්පී ඒ ආර් රහුමාන් ගේ ගීතයක් ද අභිභවා යමින් යෝහානි මේවන විට ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලාංකික ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානු ගායක ගායිකාවන් ගීත ගායනා කිරීම අපට ඉතා හුරුපුරුදු දෙයක් වන නමුත්, ශ්‍රී ලාංකික ගායක‍ෙකුට හෝ ගායිකාවකට දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පළමුවරටය.

ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වූයේය සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරමිනි.

මේ වනවිට ඉන්දියාව පුරා යොහානි උන්මාදයක් ඇතිව තිබෙන අතර මේ නිසා යොහානි‌ ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්‍රේක්ෂකයන් රැස්වෙනු ඇතැයි ද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles