යොහානිගේ ‘මැණිකේ’ ඉන්දියාවට අයිතිවේ

0
340

මෑත කාලයේ ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රියත්වයට පත්වූ යොහානි සිල්වා ගායනා කරන, මැණිකේ මගේ හිතේ, ගීතයේ අයිතිය ඉන්දියාවේ ‘ටී සීරීස් ’ ආයතනය ළබා ගෙන ඇත.

ටී සීරීස් ⁣විසින් ⁣සිංහල ගීයක අයිතිය ලබා ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ. ඒ අනූව‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගැයීමේ අයිතිය මෙම සමාගම සතුවේ.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ මුල් ලායක ශතිෂාන් රත්නායක තම ගීය මෙි වන විට ලෝකයේ තෙවැනි ස්ථානයට පැමිණ ඇතැයිද, ඉන්දියාවේ පමණක් මිලියන 107 ක පිරිසක් නරඹා ඇතැයිද පැවැසුවේය

ඉන්දියාවේ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.

Aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here