Monday, January 13, 2025

යොහානිට රජයෙන් දෙන්න යන තෑග්ග මෙන්න

මැණිකේ ගීතයෙන් ජනප්‍රිය වූ යොහනි දිලෝකා ද සිල්වා ට රජයේ ත්‍යාගයක් ලෙස බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික අධිකාරියට අයත් ඉඩමකින් පර්චස් 9ක ඉඩම් කැබැල්ලක් ඇයට දීමට රජයේ අවධානය යොමුව තිබෙි.

ඊට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20)පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඇය ලබාගත් රසික ප්‍රසාදය සහ නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් මෙම ඉඩම් කැබැල්ල

ලබා දීමට යෝජනා වී ඇති අතර ‍ 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා තිබේ.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් වසඟ කරගත් යොහානි ද සිල්වාගේ ගීතය යූ ටියුබ් නැරඹුම් මිලියන 200 පසු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles