Monday, September 23, 2024

යොහානිට රාජ්‍ය සම්මානයක්

මැණිකේ මගේ” ගීතයෙන් රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව ඇගයීමට මෙන්ම ගෞරවය පුද කිරීමට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක කරන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (04) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍යතුමන් ඒ සඳහා කටයුතු යොදා ඇති බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට රජය ගෞරවය පුද කරන බවත් කලාකරුවන්ට එවැනි සම්මාන දීමට පමණක් සීමා නොවී ජීවිතය පුරා කලා ක්ෂේත්‍රයේ අභිමානයෙන් කටයුතු කිරීමට පදනම වැටෙන වැඩපිළිවෙළක්ද අරඹන බවත් වික්‍රමනායක මහතා පැවැසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles